හම්ප්බැක් පිරිමි තල්මසුන් දෙදෙනෙක් ලිංගිකව එක්වන අයුරු පළමු වරට ඡායාරූප ගත කර ඇති අතර, දෙදෙනාම පිරිමි සතුන් බව අනාවරණය වෙයි.

March 5, 2024 Bridge Team


පිරිමි තල්මසුන් දෙදෙනෙකු ලිංගිකව හැසිරෙන ආකාරය ඡායාරූප ශිල්පීන් විසින් කැමරාවට හසුකරගෙන ඇති අතර, විශේෂඥයින් පවසන්නේ මෙම සත්ව විශේෂය ලිංගිකව එක්වන අවස්ථාවක් ඡායාරූප ගත කල පළමු අවස්ථාව මෙය බවයි.

2022 ජනවාරි මස Maui වෙරළට ඔබ්බෙන් වූ සමරිසි හැසිරීම් සහිතව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන තල්මසුන් දෙදෙනෙකු ගේ පෙරළිකාර අවස්ථාවක් ඡායාරූප ශිල්පීන් විසින් ඡායාරූප ගත කර ඇත. මෙම සිදුවීම පිළිබද සමුද්‍ර ජීව විද්‍යාඥ Stephanie Stack සහ ඡායාරූප ශිල්පීන් Lyle Krannichfeld සහ Brandi Romano විසින් මෑතකදී නිකුත් කරන ලද සමුද්‍ර ක්ෂීරපායී විද්‍යා වාර්තාවක ප්‍රථම වරට මේ පිළිබඳව වාර්තා කල අතර හම්ප්බැක් තල්මසුන්ගේ ලිංගික සම්බන්ධතා පිළිබඳ පළමු ලේඛනගත සිද්ධිය ලෙස මෙය සටහන් වේ.

මෙම සිදුවීමට පිරිමි තල්මසුන් දෙදෙනෙකු සම්බන්ධ වූ අතර, එක් සත්වයෙක් තරමක් සෞඛ්‍ය සම්පන්න නොවූ අතර අනෙකා ශක්තිමත් සහ නිරෝගී බව දිස්විය. තල්මසුන්ගේ සිරුරේ වෙසෙන උකුණන්ගෙන් වැසී ගිය තරමක් වැහැරුණු තල්මසා, සෞඛ්‍ය සම්පන්න තල්මසාගෙන්ගෙන් ආවරණයක් සොයමින් ඡායාරූප ශිල්පීන් සිටි බෝට්ටුව අසලට ළඟා විය. ඡායාරූප ශිල්පීන්ට නීතිමය මාර්ගෝපදේශ පිළිපැදීමට සහ තල්මසුන් අසලට යාමෙන් හෝ පිහිනීමෙන් වළකින ලෙස අවධාරණය කළහ.

බෝට්ටුව වටකර පිහිනීමට උත්සාහ කිරීමෙන් පසු දුර්වල වූ තල්මසා අනෙකාට යටත් විය. පසුව නිරෝගී තල්මසා තම ළය වරල් (Pectoral fins) යොදාගනිමින් ක්ෂය වූ තල්මසා රඳවා තබාගෙන ලිංගික සංසර්ගයේ නිරත විය. මෙම නිරීක්‍ෂණය ආසන්න වශයෙන් මිනිත්තු 30ක් පැවති අතර එය මුහුද මතුපිට සිට අඩි 15ක් පහළින් සිදු විය. මෙම වාර්තාව ඔස්සේ සෞඛ්‍ය සම්පන්න පිරිමි තල්මසුන්ගේ සමරිසි හැසිරීම් වල නොදන්නා පැතිකඩ ඉස්මතු කරයි.

ආපසු නිවසට පැමිණි ඡායාරූප ශිල්පීන්, තල්මසුන් දෙදෙනාම පිරිමින් ලෙස හඳුනාගත් Stack සමඟ ඡායාරූප බෙදා ගත්හ. Maui හි ගැලරි හිමිකරුවෙකු වන Krannichfeld, මෙම අවස්තාව ඡායාරූප ගත කරමින් විද්‍යාත්මක අවබෝධයට දායක වීම පිළිබද ගෞරවය ප්‍රකාශ කළේය.

විවිධ සාගර ක්ෂීරපායීන්ගේ අවස්ථා උපුටා දක්වමින් සත්ව රාජධානියේ නිරීක්ෂණය කරන ලද සමරිසි ක්‍රියාකාරකම්වල පුළුල් වර්ණාවලිය පිළිබද ලේඛනගත අධ්‍යයනයන් තිබේ.

විශේෂයෙන්ම, ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ සහ එක්සත් ජනපදයේ සත්වෝද්‍යානවල, සමරිසි පෙන්ගුයින් ජෝඩු බිත්තර පෝෂණය කිරීම සහ එක්ව පැටවුන් ඇති කිරීම සඳහා පුළුල් අවධානයක් දිනා ඇති අතර හොඳින් නිරීක්ෂය කර ලේඛනගත කරන ලද පෙන්ගුයින් සතුන්ගේ සමලිංගික හැසිරීම් සමඟ මෙම සිදුවීම සමාන්තර වේ.

Source: https://www.nbcnews.com/…/humpback-whales-gay-sex…