නේපාලයේ, සමරිසි යුවළක් වන අංජු දේවි ශ්‍රේස්තා (Anju Devi Shrestha) සහ සුප්‍රිතා ගුරුං (Suprita Gurung), එරට නිල වශයෙන් තම විවාහය ලියාපදිංචි කළ පළමු සමරිසි කාන්තා යුවල බවට පත්වෙමින් ඉතිහාසගත විය.

February 26, 2024 Bridge Team


ඔවුන් පෙබරවාරි 11 වන දින ජමුනා ග්‍රාමීය මහ නගර සභාවේ විවාහක යුවලක් ලෙස ලියාපදිංචි විය. නේපාලයේ සමරිසි විවාහ දැනටමත් පිළිගෙන ඇති අතර, එරට කාන්තා සමරිසි යුවළකගේ විවාහය ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වේ.

Mayako Pahichan Nepal ක්‍රියාකාරී කණ්ඩායම LGBTQ+ ප්‍රජාවගේ නිල පිළිගැනීම සඳහා දශක දෙකක දීර්ඝ අරගලය සිහිකරමින් එම මොහොත සමරන ලදී.

තායිවානයට පසුව සමරිසි විවාහ නීතිගත කළ දෙවන ආසියාතික රට නේපාලය වන අතර තායිලන්තය තෙවැනි ස්ථානයට පත්විය හැක.

Source: https://www.thepinknews.com/…/lesbian-marriage-in-nepal/