තායිලන්ත නීති සම්පාදකයින් සමරිසි විවාහ නීතිගත කිරීමට සූදානම් වේ.

March 25, 2024 Bridge Team


සිවිල් සහ වාණිජ අයිතිවාසිකම් යටතේ දැනට විෂමරිසි සහකරුවන් විසින් භුක්ති විඳින මූලික අයිතිවාසිකම් LGBTQ සහකරුවන් උදෙසා සහතික කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ පළමු අග්නිදිග ආසියානු රට බවට පත්වීමට නියමිතයි. තායිලන්තයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කමිටුවක් විසින් සමාන විවාහ අයිතිවාසිකම් සඳහා ඇති අයිතිය තහවුරු කරමින් සිවිල් සහ වාණිජ නීති සංශෝධන කෙටුම්පතක් අනුමත කර ඇත.

නීති සම්පාදකයින් විසින් 2024 අවසානය වන විට සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කිරීමට අපේක්ෂා කෙරේ. යෝජිත වෙනස්කම් මගින් විවාහය “පිරිමියෙකු සහ කාන්තාවක්” වෙනුවට “පුද්ගලයන් දෙදෙනෙකු” අතර ලෙස නැවත අර්ථ දක්වා ඇති අතර “සැමියා සහ භාර්යාව” වෙනුවට “විවාහක යුවළක්” ආදේශ කරනු ලැබේ. මෙම පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ LGBTQ සහකරුවන්ට විෂමරිසි සහකරුවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමයි.

මෙම පියවර LGBTQ අයිතිවාසිකම්වල ප්‍රගතිය වෙනස් වන අනෙකුත් ආසියාතික රටවල තත්ත්වයට ප්‍රතිවිරුද්ධ වේ. ජපානයේ සමරිසි විවාහ තහනම් කිරීම ව්‍යවස්ථා විරෝධී බව මෑතකදී තීන්දු කරන ලද අතර හොංකොං හි ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහ පිළිගනිමින් නීති පැනවීය.

කෙසේ වෙතත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහ නීතිගත කිරීම ප්‍රතික්ෂේප කළ අතර එය පාර්ලිමේන්තුවට පැවරීය. අග්නිදිග ආසියාවේ, ඉන්දුනීසියාව සමරිසි විවාහ පිළිනොගන්නා නොගන්නා අතර, සිංගප්පූරුව තුල පුරුෂයින් අතර සමරිසි සබදතා සාපරාධී නොවන නමුත් විවාහය පිළිබද සමානාත්මතාවය පිළිගෙන නොමැත.

යෝජිත තායි පනත් කෙටුම්පත වයස අවුරුදු 18 සහ ඊට වැඩි අය සඳහා සමරිසි විවාහ සඳහා ඉඩ සලසයි. එසේම එමගින් උරුමය, බදු ප්‍රතිලාභ සහ දරුවන් හදා වඩා ගැනීම වැනි අයිතිවාසිකම් ලබා දෙයි. මෙය 2023 දී පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමට පෙර සම්මත කිරීමට අපොහොසත් වූ පෙර ඉදිරිපත් කල සිවිල් සංගම් පනත් කෙටුම්පත අභිබවා යයි.

Source: https://www.straitstimes.com/asia/se-asia/thailand-goes-ahead-with-bill-to-legalise-same-sex-marriage