පෙරපාසල් ගුරුවරයකු ද වන අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ පන්ජාබ් හී Giddha ඩ්‍රැග් නර්තන ශිල්පිනිය – Noor Zora

February 29, 2024 Bridge Team


පන්ජාබ් ප්‍රාන්තයේ Zorawar Singh ලෙස උපන් ඩ්‍රැග් ශිල්පිනියක් වන Noor Zora, Giddha නර්තන ශිල්පිනියෙකු ලෙස ඔහුගේ ද්විත්ව අනන්‍යතාවය නිසා ජනප්‍රිය වී ඇත. Noor Art යටතේ Lok Rang කණ්ඩායම සමඟ රංගනයේ යෙදෙන, ඔවුන් සඳහා පන්ජාබයේ ග්‍රාමීය උත්සව වලදී ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ඔවුන් පැය 02ක සංදර්ශනයක් සඳහා ලක්ෂ 1.5ක් පමණ අය කරනු ලබයි.

ඔහු Giddha කලාකරුවෙකු පමණක් නොව, පන්ජාබ්හි රජයේ ප්‍රාථමික පාසලක ගුරුවරයෙකු ද වශයෙන් සේවය කරන අතර ගණිතය සහ පන්ජාබි යන විෂයයන් සඳහා ශාස්ත්‍රීය සුදුසුකම් ද, ජනප්‍රවාද පිළිබඳ දර්ශනපති උපාධියක් ද, ආචාර්ය උපාධියක් ද දරන්නේය.

සාම්ප්‍රදායිකව කාන්තාවන් විසින් ඉදිරිපත් කරන Giddha නර්තන පිරිමියෙකු ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් Noor Zora මුලින් විවේචනවලට මුහුණ දුන්නේය. අභියෝග මධ්‍යයේ වුවද, කණ්ඩායමට සැලකිය යුතු රසික පිරිසක් එකතු වී ඇති අතර, ඔවුන්ගේ Facebook පිටුව තුල 350K පමණ රසික පිරිසක් එක් වී සිටිති.

සමාජජාල කථිකයෙකු ලෙස පිළිගත් Noor Zora, ඔවුන්ගේ මතවාදයන් Facebook පිටුව හරහා සමාජ ගත කරයි. එවැනි අවස්ථාවලදී, ඔවුන්ගේ කණ්ඩායමේ ධෛර්යය සම්පන්න ගමනට ප්‍රශංසාව පළ කරමින් හා අගය කරමින් රසිකයෝ අදහස් පළකරති.

Source: https://www.indiatimes.com/…/noor-zora-aka-zorawar…