අපි ගැන – Bridge to Equality

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කර යුක්තිය ඉටු කිරීම BRIDGE හි අරමුණයි.

DAST, ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය සහ Young Out Here ​යන සංවිධාන ඒකාබද්ධව සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ​වේ. මෙය ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවන් සමඟ ක්‍රියා කරන සහ ඔවුන් විසින් මෙහෙයවන සංවිධාන තුනක ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සහාය දක්වයි.

ශ්‍රී ලංකාව තුළ SOGIESC මත පදනම් වූ මානව හිමිකම් උල්ලංඝ​ණයන් සිදුවීම වැළැක්වීමත්, උල්ලංඝණයන් සිදු වූ අවස්ථාවන්හීදී යුක්තිය, වගවීම සහ සහන යාන්ත්‍රණය​න් සඳහා ප්‍රවේශය ලබා දීම​​ත් මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වේ.


මෙම ව්‍යාපෘතියේ අරමුණු වනුයේ;

01
අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් වෙනස්කොට සැලකීමේ නීති අහෝසි කිරීමට උද්දේශණය කිරීමටත්, දේශීය සහ ජාත්‍යන්තර නීති රාමු පිළිබඳව අවබෝධයක් ලබාදී, ක්‍රියාකාරීන්ට, නීතීඥයින්ට සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට සහාය දීම;
02
රාජකාරි දරන්නන් විසින් LGBTI අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීමට සහ වෙනස් කොට සැලකීමේ නීති අහෝසි කිරීමට, විනිසුරුවරුන් සහ අනෙකුත් නීති වෘත්තිකයන් අතර SOGIESC මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම් පිළිබඳව අවබෝධයක් ඇති කිරීම;
03
SOGIESC සම්බන්ධ ජාත්‍යන්තර නීතිය සහ ප්‍රමිතීන් අවබෝධ කර ගැනීමට, LGBTI පුද්ගලයින්ට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම් ආරක්ෂිතව ලේඛනගත කිරීමට සහ පවතින ජාතික සහ ජාත්‍යන්තර නීතීන් භාවිතයෙන් වෙනස්කම් ඇති කිරීමට, දේශීය LGBTI සංවිධාන සහ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට සහාය වීම; සහ
04
LGBTI ප්‍රජාවට වැඩි පිළිගැනීමක් ගෙන ඒමේ අරමුණ ඇතිව LGBTI පුද්ගලයන් කෙරෙහි වෙනස්කොට සැලකීමේ ආකල්ප නැති කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මහජනතාව සම්බන්ධ කර ගැනීම.

ව්‍යාපෘතියේ හවුල්කරුවන්