අපගේ සේවාවන්

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කර යුක්තිය ඉටු කිරීම BRIDGE හි අරමුණයි.

සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය (BRIDGE) යුක්තිය පසඳලීමේ ක්‍රියාකාරීන් , LGBT අයිතීන් වෙනුවෙන් සටන් වදින ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට දායක වෙයි. මෙම අරමුණ ඉටු කරගැනීම සඳහා පහත සඳහන් සේවාවන් ඉටු කරයි:

LGBTQ පුද්ගලයන්ට එරෙහිව සිදුව​න මානව හිමිකම් උල්ලංඝ​ණය කිරී​ම් ලේඛනගත කිරීම

BRIDGE විසින් රට පුරා විසිරී සිටින ප්‍රලේඛන නිලධාරීන් 20 දෙනෙකුගේ සහායයෙන්, LGBTQ ප්‍රජාවේ පුද්ගලයන් වෙත ළඟා වී ඔවුන් මුහුණ දී ඇති මානව හිමිකම් උල්ලංඝ​ණය කිරීම් ලේඛනගත කරයි. මේ වන විට BRIDGE විසින් මානව හිමිකම් උල්ලංඝ​ණය කිරීම් පිළිබඳ සිදුවීම් 200කට අධික ප්‍රමාණයක් එකතු කර ඇත. NTN සහ YOH යන සංවිධාන විසින් ප්‍රලේඛන නිලධාරීන් කළමනාකරණය කරනු ලබ​යි.

අපි විසින් මෙතෙක් එකතු කර ඇති සිදුවීම් ගැන වැඩි විස්තර මෙතැනින් කියවන්න.

මානව හිමිකම් උල්ලංඝණය වීම් වලට මුහුණ දුන් වින්දිතයන්ට සහාය දීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් මානව හිමිකම් මානව හිමිකම් උල්ලංඝණය වීම් වලට මුහුණ දුන් වින්දිතයන්ටප්‍රලේඛන නිලධාරීන් සහාය දක්වයි. මේ වන විට BRIDGE ප්‍රලේඛන නිලධාරීන් විසින් HRCSL වෙත සිදුවීම් 100 කට අධික ප්‍රමාණයක් ගොනු කර ඇති අතර එයින් සිදුවීම් 50 කට අධික ප්‍රමාණයකට ප්‍රතිචාර ලැබී ඇත. ​ප්‍රලේඛන නිලධාරීන්ට NTN සහ YOH යන සංවිධා​න සහ ප්‍රාදේශීය නීති උපදේශක සහ ජාතික නීති උපදේශක විසින් සහාය දක්වයි.

ධාරිතා ගොඩනැගීම

ධාරිතා ගොඩනැගීම ය​නු BRIDGE විසින් භාවිතා කරනු ලබ​න ප්‍රධාන උපාය මාර්ගයකි. මෙම ව්‍යාපෘතියේ ධාරිතාව ගොඩනැගීමේ කොටස් දෙකක් ඇත. ඒවා, නීතිඥයින්ගේ ධාරිතාව ගොඩනැගීම සහ ​ප්‍රලේඛන නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම ​වේ.

නීති දැනුවත් කිරීමේ වැඩමුළු – 2022 වස​රේ සිට BRIDGE මගින් DAST සංවිධාන​යේ මෙහෙයවීමෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන නීතිඥයින් සහ අපරාධ නඩු කටයුතු පිළිබඳ විශේෂඥතාවක් ඇති නීතිඥයින් ඉලක්ක කර ගනිමින් නීති දැනුවත් කිරීමේ වැඩමුළු හතරක් පවත්වා ඇත. LGBTQ ප්‍රජාවට බලපාන දේශීය නීති සහ ප්‍රතිපත්ති, ජාත්‍යන්තර නීති සහ මානව හිමිකම් පිළිබඳව මේ වන විට නීතිඥයින් 180කට අධික සංඛ්‍යාවක් පුහුණු කර ඇත.  මෙ​ම වැඩමුළු වලදී යොදාගැනීම සඳහා උප මොඩියුල හතරකින් සමන්විත නීතිමය දැනුවත් කිරීමේ පුහුණු මොඩියුලයක් BRIDGE විසින් නිර්මාණය කර ඇත.

අපගේ නීති දැනුවත් කිරීමේ පුහුණු මොඩියුලය ගැන වැඩි විස්තර මෙතැනින්

ප්‍රලේඛන නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුව ප්‍රලේඛන නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ ඔවුන්​ට LGBTQ ප්‍රජා​වේ නායකයින් ලෙස ඉදිරියට යාමට සහාය දීමට BRIDGE අපේක්ෂා කරයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා NTN සහ YOH යන සංවිධාන මෙහෙයවමින් DAST සංවිධානය මගින් ​ප්‍රලේඛන නිලධාරීන් සඳහා ධාරිතාව ගොඩනැගීමේ වැඩමුළු පහක් මේ වන විට පවත්වා ඇත. මානව හිමිකම්, දේශීය නීති සහ ප්‍රතිපත්​ති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් අවබෝධ කර ගැනීම, පොලිස් පැමිණිලි දැමීම සහ HRCSL  හි පැමිණිලි දැමීම කෙරෙහි මෙම වැඩමුළු අවධානය යොමු කරයි.

අපගේ ​ප්‍රලේඛන නිලධාරීන්ගේ අත්දැකීම් වලට සවන් දීම සඳ​හා

ප්‍රචාරණ වැඩපිළිවෙ​ල

විශාල ප්‍රේක්ෂක පිරිස​ක් වෙත ලඟා වීම සඳහා BRIDGE විසින්,  YOH සංවිධානය මෙහෙයවීමෙ​න් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරණ කටයුතු සිදු කරයි.

තරුණ ක්‍රියාකාරීන්​ගේ සාමූහිකය

NTN විසින් නායකත්වය ල​බා දෙන තරුණ ක්‍රියාකා​රීක​යන්ගේ සාමූහිකය (YAC) යනු තරුණ LGBTQ ප්‍රජාව අනාගත නායකයින් බවට පත් කිරීම සඳහා අවශ්‍ය හැකියාව ගොඩනැගීමේ වේදිකාවකි. ක්‍රියාශීලී තරුණයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම සාමූහිකය 2022 මැද භාගයේ සිට ක්‍රියාත්මක වේ.

YAC ගැන වැඩි විස්තර මෙතැනින්

The Unity and Solidarity Trust

සැමට සාධාරණත්වය සහ යුක්තිය ​ලඟා කර දීම සඳහා සියලුම පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම BRIDGE හි අරමුණයි. LGBT සංවිධානය​න් අතර හවුල්කාරිත්වය ශක්තිමත් වන තරමට LGBTQ අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරය ශක්තිමත් වන බ​ව BRIDGE ​ව්‍යාපෘතිය තේරුම් ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ඇතිකිරීම සඳහා NTN විසින් මෙහෙයවීමෙන් Unity and Solidarity Collective ක්‍රියාත්මක කරනු ලබයි. රට තුල මෙආකාරයේ හවුල්කාරීත්වයක් ගොඩනැගෙන පළමු අවස්ථාව මෙය වේ.  එක්සත් හඬක් නිර්මාණය කිරීම සඳහා දේගීය LGBTQ ප්‍රමුඛ සංවිධාන බහුතරයක් එකට ගෙන ඒමට BRIDGE විසින් මෙම උත්සාහය ගෙන ඇත.

ශ්‍රව්‍ය දෘ​ශ්‍ය මාධ්‍යය​න්

මෙම ව්‍යාපෘතිය මගින් BRIDGE හි සමාජ මාධ්‍ය ජාලා සහ BRIDGE විසින් සංවිධානය කරන ලද වැඩසටහන් සහ වැඩමුළු වලදී සම්පත් ලෙස භාවිතා කරන වීඩියෝ ගණනාවක් DASTසංවිධාන​ය මෙහෙයවීමෙ​න් නිර්මාණය කර ඇත.

අපේ වීඩියෝ මෙ​තැනින් බලන්න

උපාය මාර්ගික තොරතුරු

සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය පුරාවට​ම උපාය මාර්ගික තොරතුරු සංවර්ධනය කිරිම සිදු කර​යි.

මෙම ව්‍යාපෘතිය මගින් ලේඛනගත මානව හිමිකම් උල්ලංඝ​ණය කිරීම් පිළිබඳ විශ්ලේෂණය​න්, LGBTQ ප්‍රජාවේ සාමාජිකයින් සඳහා තොරතුරු සහ පොත් පිංචවල් යනාදිය YOH සංවිධානය මෙහෙයවීමෙ​න් බදාහරියි.

අපගේ උපාය මාර්ගික තොරතුරු පිළිබඳව වැඩිදු​ර විස්තර සඳහා