ඔව් දැන් අපි තාත්තලා! අපිට ඉන්නවා ලස්සන බබෙක්!

January 16, 2024 Bridge Team


ඒක ‘ආදරේ’ ම වුණත් කවුරුත් ඒකට ‘ආදරේ’ කියන්නෙ නැහැ. ඒ වෙනුවට… එයාලා ‘අසම්මතයි’ කියන ‘වචනේ’ පාවිච්චි කරනවා. (ඒක නොගැළපෙනවා වුණත්!)

ඒ කියන ‘සම්මතයට’ පටහැනි දේ ඇතුළේ ‘විප්ලව’ කරන්න ගන්න ‘ගැහැනු’ හෝ ‘පිරිමි’ මේ පුංචි ‘දූපතෙත්’ නැතුවාම නොවෙයි. (ඒත් උන්ගෙන් භාගයක්ම ඉන්නෙ හැංඟිලා!)

උන් මේකට කියන නම ‘සමරිසි’ හෝ ‘සමලිංගිකත්වය’ වුණත්… (නැත්තම් ‘සංක්‍රාන්තික’ වුණත්…) ඒ සියල්ලන් මේ සමාජය ඇතුළේ ‘කුද ගැහුනු’ මිනිස් ප්‍රාණීන්. ඒක නොතේරෙන උනුන්, උන්ව ‘පතුරු හරින්න’ ගන්නවා. නොතේරෙන්න උන්ට ‘රිද්දන්න’ ගන්නවා.

මේකත් එකෝමත් එක ‘සමරිසි’ කතාවක්. සමලිංගික යුවළක් ‘දරු සුරතල්’ බලන කතාවක්.

හරියටම 2019 අවුරුද්දේ එක්සත් ජනපදයේ ‘සාම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යයක්’ පැවැත්වෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේක ‘සාමාන්‍ය’ විවාහ උත්සවයක් නෙවෙයි.

ඒක සමලිංගික විවාහ උත්සවයක්. (කොටින්ම පිරිමි දෙන්නෙක් අතරේ සිදුවුණු විවාහයක්!)

එසේ විවාපත් වූ, අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය ආදිත්‍ය මදිරාජු සහ අමිත් ෂා යන දෙදෙනා, පසුගිය දවසක ඔවුන්ගේ ‘කුළුඳුල් දරු පැටියා’ ගැන ලෝකයට අනාවරණයක් කළා.

ඔවුන් දෙදෙනා මේ දරුවාට උපත ලබා දී ඇත්තේ ‘අන්වාදේශ’ ක්‍රමයට යි. (අන්වාදේශ ක්‍රමවේදය යනු, ගැබ් ගැනීමට හෝ කළලයක් දැරීමට නොහැකි යුවළක් එසේ කළ හැකි කාන්තාවක් යොදාගෙන සිදු කරනු ලබන දරු උපත්තියක් වනවා.)

පුංචි එකාට ඔවුන් දෙන්නා ‘නම් තැබීමකුත්’ කරලා තිබුණේ, දරුවා උපදින්නත් කලින්ම යි. (ඒ නම Yana!)

‘මවුපියන්’ වීමට ඇති ආශාව ගැන, මුල සිට ම ‘සාකච්ඡා’ කෙරූ බැව් මදිරාජු මාධ්‍ය වෙත සඳහන් කොට තිබුණා. අනිකුත් සෑම ‘දෙමව්පියන්’ මෙන්ම ‘මවුවරුන්ගේ’, ‘පියවරුන්ගේ දින’ සමරන්න ඔවුන්ට ‘දැඩි ආසාවක්’ පවතින බැව් ද ඔවුන් කියා තිබුණා.

‘පළවැනි පාර අපි අපිට ආදරෙයි කියලා කිවුවට පස්සෙ, ඔව්… ඒ කියන්නෙ එතැන ඉඳන් අපි දෙන්නම හිටියේ එකට.. අපේ ජීවිතේ ඉතිරි කාලෙත් අපි ඉන්නෙ එහෙම.. මට සිහිනයක් තිබුණා. ඒක හැබෑ වුණා…’ (අමිත් ෂා මේ ආදර කතාව ගැන කියපු දේ!)

‘අපි දැන් තාත්තලා! අපිට ඉන්නවා ලස්සන බබෙක්!,’ (ආදිත්‍ය කළ පළකිරීමක්!)

කොහොම වුණත් යුවළ දිහාවට ‘ඇහැ’ යොමා සිටින බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිතේ ‘විශ්මිත’ යමක් වෙනුවෙන් ඇඟිලි ගනිමින් ඉන්නවා.

Source: www.monara.com