December 20, 2023 Bridge Team
සමරිසි යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, මෙමඟින් දෙවියන් සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කෙරෙන බවය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමරිසි යුවළවලට ආශිර්වාද කිරීමට, පූජකයින්ට අවසර ලබා දී තිබේ.
මෙය ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වුවද සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවෙයි.
ඒ අනුව, එම යුවළ සඳහා ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවස්ථාව හිමි වන්නේ ඔවුන් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි.
කෙසේ නමුත් විවාහය යනු සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට ද කතෝලික පල්ලිය තීන්දු කර තිබේ.
පාප් වහන්සේගේ මෙම නව තීරණය මඟින් දෙවියන් සියලුමදෙනාවම සමානව පිළිගන්නා බව පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාප් වහන්සේගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ ජනතාව ද මෙම තීරණය අර්ථ දක්වන්නේ අසමානතාවට එරෙහිව ගත් නිර්භීත තීරණයක් ලෙසය.
Source: https://sinhala.adaderana.lk/news/191085/සමරිසි-සබඳතා-ගැන-පාප්-වහන්සේගෙන්-ආන්දෝලනාත්මක-තීරණයක්