2024 Grammy සම්මාන උළෙලේදී කලා ලෝකය තුල LGBTQ ප්‍රජාව උදෙසා වෙනසක් සිදුවෙමින් පවතින බව ක්වියර කාන්තා කලාකරුවන් සනාත කරයි.

February 12, 2024 Bridge Team


පෙබරවාරි 4 වන දින පැවති 2024 Grammys Witness සම්මාන උළෙලේ ඓතිහාසික අවස්ථා කිහිපයක් සනිටුහන් විය. කාන්තා කලාකරුවන් විසින් වසර පහක් තුළ තුන්වන වරටත් සියලුම ප්‍රධාන කාණ්ඩ හතරෙහි ජයග්‍රහණ ලබා ගත් අතර, Taylor Swift විසින් සිව්වන වරටත් ‘වසරේ ඇල්බමය’ ලෙස දිනාගත් සම්මානයත් සමඟ ඉතිහාසගත වූ අතර Miley Cyrus ගේ ‘Flowers’ ගීතය සමඟින් ඇය ඒක පුද්ගල හොඳම පොප් ඉදිරිපත්කිරීම සඳහා ඇගේ පළමු ග්‍රැමි සම්මානය දිනා ගත්තාය.

කෙසේ වෙතත්, වැදගත්ම සිදුවීම වුයේ – වසරේ වාර්තාගත ගීතය සඳහා Cyrus’ හට ද, වසරේ ගීතය සඳහා Billie Eilish ගේ “What Was I Made For?” ගීතය සඳහා ද, සහ හොඳම නව කලා ශිල්පියා ලෙස Victoria Monét සඳහාද සම්මාන ලැබීමෙන් ප්‍රධාන කාණ්ඩ හතර අතරට ක්වියර කාන්තාවන් තිදෙනෙක් සම්මාන දිනගැනීමයි.

වැඩිදුර කියවීම උදෙසා : http://www.billboard.com/…/2024-grammys-lgbtq-historic…