සංක්‍රාන්ති රෝගියෙකු විසින් සෞඛ්‍ය සේවා ලබාගන්නා රෝහලේ අනෙකුත් සංක්‍රාන්ති පුද්ගලයින් සංකේතවත් කරමින් කඩදාසි තරු සිය ගණනක් සාදයි. 

February 6, 2024 Bridge Team


එක්සත් රාජධානියේ සංක්‍රාන්ති සමාජභාවී රෝගියෙකු රෝහල් සුවය ලබමින් සිටින කාලය අතරතුර සංක්‍රාන්ති ප්‍රයිඩ් ධජ වර්ණයෙන් යුත් කඩදාසි තරු 800 ක් නිර්මාණය කළේය.

එය ශල්‍ය වෛද්‍ය Ioannis Ntanos මහතාගේ නිරීක්ෂණය යටතේ සිටි සෙසු රෝගීන් ප්‍රමාණය සංකේතවත් කරයි.

වෛද්‍යවරයා විසින් ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ මෙම  තරු ඔහුට තෑගි කළ අවස්ථාව බෙදාගත් අතර, ජීවිත වෙනස් කරන මෙම සැත්කම් සඳහා ඔහුට බොහෝදෙනා ප්‍රශංසා කළ අතර කෘතඥතාවද පල කළේය. 

2023 මිචිගන් විශ්ව විද්‍යාලයේ, පපු ප්‍රදේශය ඉවත් කිරීමේ ශල්‍යකර්ම පිළිබඳ අධ්‍යයනයකින්, රෝගීන් අතර ශල්‍යකර්ම පිලිබඳ ඉහළ තෘප්තියක් සහ ශුන්‍ය කනගාටුවක් පවතින බව අනාවරණය විය. 

Source: www.thepinknews.com/2024/02/01/paper-stars-trans-patient/