වැලන්ටයින් දිනයේ දී ආදරය බෙදාගත්ත අපි…

February 16, 2024 Bridge Team


ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ අභිවෘදිය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයින් සඳහා BRIDGE to Equality විසින් කෘතඥතාව පළකිරීම මෙසේ සිදුවිය.

මෙවර BRIDGE to Equality කණ්ඩායම ආදරවන්තයින් ගේ දිනය සමරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවට සහය දැක්වීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයින්ට කෘතඥතාව පළ කරමිනි. වඩා හොඳ යුක්ති සහගත පරිසරයක් සහතික කිරීමට සහ ශ්‍රී ලාංකේය LGBTQ පුද්ගලයන්ගේ අභිමානය සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අපගේ අඛණ්ඩ උත්සාහයන් උදෙසා, අපට ලැබෙන අගනා සහයෝගය අගය කිරීම ඉතා වැදගත් වේ. එබැවින් මෙවර ආදරවන්තයන් ගේ දිනයේදී, BRIDGE කණ්ඩායම විසින් අපට සහය දක්වන්නන් අගය කිරීම සහ, ආදරය බෙදාහදා ගැනීමට, ඔවුන් අපට ලබාදුන් දුන් සහයෝගයට අපගේ කෘතඥතාව පළකිරීමට කටයුතු කරනු ලැබිය.

LGBT ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරමින් යන ගමනේදී සැලකිය යුතු වෙනසක් ඇති කළ මෙම සුවිශේෂී පුද්ගලයින්, පුද්ගලිකව හමුවීම ඇත්තෙන්ම අපට ගෞරවනීය අත්දැකීමක් විය.

වෙනස් කොට සැලකීමෙන් සහ විනිශ්චයෙන් තොරව, සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය සේවාවන්ට සමාන සහ සාධාරණ ප්‍රවේශයක් සදහා ඇති අයිතිය තහවුරු කිරීමට කැපවී සිටින, නොසැලෙන කැපවීමකින් රාජකාරියෙහි නියුතු, අපගේ  දිගුකාලීන සහකාරියක වන, ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියට  අපගේ කෘතඥතාව පල කර සිටියෙමු.


ශ්‍රී ලංකාවේ LGBTQ පුද්ගලයින්ගේ පිළිගැනීම සහ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳව ගරු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාට අපගේ අවංක ප්‍රණාමය පල කර සිටියෙමු. ගරු දොලවත්ත මන්ත්‍රීතුමාගේ අනුග්‍රහය ඇතිව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් නිර්මාණය කරන ලද ඓතිහාසික අවස්ථාව ප්‍රජාවට වැදගත් වූ අතර, ඒ වෙනුවෙන් පෙනී සිටීමට එතුමා දැක්වූ නොපසුබට උත්සාහය පිළිබඳව අපි ස්තූතිවන්ත වන්නෙමු.


ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියට අපගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටියෙමු, අප හමුවීමට, එතුමියගේ වටිනා කාලය ලබා දීම ගැනත්, දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඇයගේ සහයෝගය සහ ඇය අප සමඟ බෙදාගත් තීක්ෂ්ණ බුද්ධිය අපගේ අභිප්‍රාය ඉදිරියට ගෙන යාමට සැලකිය යුතු ලෙස දායක වනු නිසැක ය, ඇයගේ කැපවීමට අපි අවංකවම ස්තූතිවන්ත වන්නෙමු.


ප්‍රජාව, පොලීසිය සමඟ සම්බන්ධ වීමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියට අපගේ අවංක කෘතඥතාව පුදකර සිටියෙමු. නීතිය බලාත්මක කිරීම මගින් ප්‍රජාවට  හිතකාමී ආරක්‍ෂිත පරිසරයක් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නොයෙකුත් මුලපිරීම් සඳහා ඇයගේ නොසැලෙන සහයෝගය සැබවින්ම වැදගත් වන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ඇයගේ කැපවීම අපි අගය කරන්නෙමු.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ගරු සභාපති විනිසුරු දෙහිදෙණිය මහතා වෙනුවෙන් අපගේ සුබපැතුම කාරුණිකව භාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර කටයුතු) කපිලන් විල්ලවරාජන් මහතාට අපගේ අවංක ස්තුතිය පුදකර සිටියෙමු. විනිසුරු දෙහිදෙණිය මහතා LGBTQ ප්‍රජාව වෙනුවෙන් අප කරන ඉල්ලීම් නිරන්තරයෙන්ම සලකා බලන අතර, සියලු ආන්තික ප්‍රජාවන්ට අපරාධකරණයෙන් තොර වු සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ කාර්යයෙහි නොසැලී කටයුතු කරමින් සිටියි. ඔවුන්ගේ නොසැලෙන සහයෝගය අපි අගය කර සිටින්නෙමු.


අනෙකුත් චායාරූප: