DAST, ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය සහ Young Out Here යන සංවිධාන ඒකාබද්ධව සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙය ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවන් සමඟ ක්‍රියා කරන සහ ඔවුන් විසින් මෙහෙයවන සංවිධාන තුනක ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සහාය දක්වයි.
ශ්‍රී ලංකාව තුළ SOGIESC මත පදනම් වූ මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවීම වැළැක්වීමත්, උල්ලංඝණයන් සිදු වූ අවස්ථාවන්හීදී යුක්තිය, වගවීම සහ සහන යාන්ත්‍රණයන් සඳහා ප්‍රවේශය ලබා දීමත් මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වේ.
Young Out Here (YOH) Sri Lanka Trust යනු ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික දිශානතීන්, සමාජභාවී අනන්‍යතාවයන්, සමාජභාවී ප්රකාශනයන් සහ ලිංගික ලක්ෂණ (SOGIESC) සහිත තරුණ ප්‍රජාව සහ තරුණ අධි අවදානම් කණ්ඩායම් (YKP) සඳහා දැනුවත්භාවය ලබාදීමට සහ ඵලදායී සේවාවන් ලබා දීමට කැපවී සිටින තරුණ ජාලයකි. YOH සංවිධානය මේ වන විට ප්‍රජාව පාදක කරගත් සංවිධාන ගණනාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. එහි අරමුණ වනුයේ SOGIESC සමානාත්මතාවය ඇති කිරීම සඳහා SOGIESC අනන්‍යතාවයන්ගෙන් යුතු තරුණයන්ට සහ තරුණ අධි අවදානම් ජනගහණයන්ට ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශක්තිය ලබාදීමට සහ තීරණ සහ ප්‍රතිපත්ති සැදීමේදී තරුණ හඬ ලබාදීමට වේදිකාවක් නිර්මාණය කිරීමයි.
2018 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය, ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන්ට සහාය ලබා දෙන ලාභ නොලබන භාරයකි.
NTN සංවිධානය සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුළ ලේඛන වෙනස් කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වීමට සහය දක්වයි. එසේම එය LGBTIQ පුද්ගලයන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ලේඛනගත කිරීම, HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අධ්‍යාපනය ලබා දීම, කොන්ඩම් සහ ලිහිසි ද්‍රව්‍ය බෙදා හැරීම, උපදේශන සේවා, නීති ආධාර සහ තාවකාලික නවාතැන් පහසුකම් සැපයීම. සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින් සහ මනෝ සමාජීය සහය සහ සමාජභාවය හඳුනාගැනීමේ සේවා සඳහා ළඟා වීමට සහාය දෙයි.
DAST යනු ශ්‍රී ලංකාවේ අර්ථවත් ප්‍රජා සහභාගීත්වය, උපාය මාර්ගික තොරතුරු සංවර්ධනය, ධාරිතා ගොඩනැගීම සහ ඵලදායී සහ තිරසාර HIV, SRHR සහ මානව හිමිකම් ප්‍රතිචාර සඳහා උද්දේශණ සේවා සැපයීම සඳහා ප්‍රජාව විසින් මෙහෙයවන තාක්ෂණික සහාය සපයන සංවිධානයකි. HIV, TB සමග ජීවත් වන ප්‍රජාවන්, එයින් පීඩාවට පත් වූ සහ අවදානමට ලක් වූ ප්‍රජාවන් සහ LGBTIQ ප්‍රජාවන් ඇතුළුව වෙනස්කොට සැලකීමට ලක් වූ ප්‍රජාවන්ට සෞඛ්‍ය සේවා, SRHR සහ මානව හිමිකම් වලට ප්‍රවේශ කරවීම DAST සංවිධානයේ අරමුණ යි.